සැවැන්දරී

Rs. 790.00

Payment Info

📦 Stock Count in Progress

We'll be back on April 4, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – April 03, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

 

නිවසේ ස්ථාවර දුරකථනයට ලැබෙන ඇමතුමක හඬ ඇසෙද්දී විජිතා වයර් රහිත දුරකථනයේ රිසිවරය සෙව්වන්දිගේ අතට දුන්නේ බයෙන් වටපිට බලමින්.
“කවුද විජිතා?”
“මිත්සලා නෝනා” විජිතා මිමිණුවේ ඇසෙන නෑසෙන හඬින්.
“ඕකිට මම..!” තිමුත් වේගයෙන් පැනලා දුරකථනය උදුරග න්න හදද්දී හිරුන් තිමුත්ව අපහසුවෙන් වලකාගත්තා. රගර් ක්‍රීඩකයෙක් නිසාම හොඳින් වැඩුණු අඩි හයකට ආසන්න උසැති තිමුත්ව සාමාන්‍ය සිරුරක් හිමි හිරුන්ට වලකාගන්න අපහසුවෙද්දී සෙව්වන්දි තිමුත්ගේ අතින් අල්ලගත්තා.
“මගේ පුතා යන්න ගිය ගමන යන්නකෝ”

“මේ ගෙදර ඔක්කොම උන්ට පිස්සු..!” තිමුත් දැනුණු කේන්තියටම හේමන්ත පයින් ගසා විසිවී තිබුණු කුඩා ටිපෝවට ආයෙමත් වරක් කැරකි විසිවෙන්න වැරෙන් පහරක් දිගෙනම නිවසින් එළියට බැස්සා.
“අනේ මන්දා මේ පාර නම් ඒක නම් කැඩුනා වගේ චුටි මහත්තයාගේ පාරට” මෙහෙම මුමුණමින් විජිතා සෙව්වන්දිගේත් මුහුණ බලමින් එතනින් ඉවත්වුණා.
“හෙ..හෙලෝ”

“මොනවද සෙව්වන්දි මේ වෙන වැඩ?? හේමන්ත අයියා මෙහෙ ඇවිත් මගේ ගෙදර බඩු පොළවේ ගහනවා..! ඒ මදිවට බීලා මෙතන මට වද දෙනවා. දෙයියනේ මම දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්. මේ ගෙවල්වල කුණු පටවලා මේ මනුස්සයව අවුස්සන එක දැන්වත් නතර කරනවද? මේ මනුස්සයට ඔයාලගේ තියෙන ආදරේ මට දැන් හිතාගන්න පුළුවන්. හේමන්ත අයියා මාවම හොයාගෙන ඉතින් එන හේතුව අහන්නත් දෙයක්ද?”

SKU: 9786245329021
Category:
Book Author

ISBN-13

9786245329021