අසේකා

Rs. 900.00

Payment Info

📦 Stock Count in Progress

We'll be back on April 1, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – 31, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

අසේකා
“අසේකා”
“ම්ම්ම්ම්”

“පුළුවන් හැම වෙලාවේම මට අප්පච්චි කියලා කතා කරනවද?” සෙනිත් එහෙම අහද්දී අසේකා ආපහු සෙනිත් ගාවින් වාඩිවුණා.
“අප්පච්චි කියනවට සර් ආසයිද?”

“ම්හ්හ්හ් ඔව් හරියට ඔයා එදා පුතුගේ අම්මි කිව්ව ගමන් ඇඬිලල්ල නැවැත්තුවා වගේ. ඔයා අද අප්පච්චි කියලා ඔක්කොම ටික කියද්දී මගේ කේන්තියට වතුර බවුසර් එකක් හැලුවා වගේ දැනුණා”
“අනේ මන්දා මෙහෙමත් කේන්තියක්. අප්පච්චි නාකිවෙයි ඔහොම ගිනිගද්දී”
“නාකියි තමයි ඉතින් මට දැන් තිහක්”

“මේ බලන්නකෝ වැඩක් තිහට නාකියි නම් හැට හැත්තෑවේ අයට කියන්නේ නාකි වර්ගේ කියලද?” අසේකා මද එළියේ හිනාවෙන දිහා සෙනිත් බලාගෙන හිටියේ ආසාවෙන්. දෑසමන්ගේ ප්‍රශ්නය විසඳුන ගමන්ම අසේකාට ආදරෙයි කියනවා කියලා සෙනිත් මේ මොහොතේම තීරණය කළා. ”කෝ අප්පච්චි මම යන්නම්. පුතු වටේ කොට්ට තියලා ආවේ. අද කොට් එකේ ඉන්නේ නැතුවම ඇඬුවා. අප්පච්චි බොන බව දන්න නිසාමදෝ මන්දා”
“ඒකා මගේ කොල්ලනේ අසේකා. ඌට මාව දැනෙනනවා ඇති” සෙනිත් එහෙම කියද්දී අසේකා මහා බර සුසුමක් හෙලුවා.

 

SKU: 9786245329014
Category:
Book Author

ISBN-13

9786245329014