ළබැඳි සිතක් ළඟ

Rs. 900.00

Payment Info

📦 Stock Count in Progress

We'll be back on April 4, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – April 03, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

ළබැඳි සිතක් ළඟ

“දහම්..කියලා දෙනවද?”‍
“මොනවද?”‍
“ඉවසීම ඉවසගෙන ඉන්න හැටි”‍
“ටීචර් බයවෙලාද?”‍ යන්තමට මුවට නැගුණු හිනාවෙන් දහම් අහද්දි ඒ සුදු මූණට මේ හිනාව කොච්චර හැඩද කියලා පැහැසරාට හිතුණා.
“බයකරද්දි බයවෙනවනේ”‍

“එතකොට අර එදා කියෙව්වේ උණ විකාරෙන්ද?”‍ ඒ හරස් පැනය දිගේ ඇගේ හිත සතුටක අනන්තය හෙව්වා. ඉන්නේ නම් මන් කියන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ වගේ ඒත් හැමදේම මතකයි මෙයාට. නපුරා..දැනුණු ලැජ්ජාව එක්ක ඇය බොරු තරහක් මවාගත්තා.
“ඔව් ඔව් උණ විකාරෙන් තමයි. සතුටුද දැන්”‍
“තව ටික දුරයි”‍ පැහැසරා කියපු දේ නෑහුණා වගේ දහම් එහෙම කිව්වා.
“කමක් නෑ”‍ එහෙම කියලා ටිකක් ඔරවලා පැහැසරා දහම් දිහා බැලු‍වා.
“හිනාවෙලා ඉන්නවකෝ..කැත මූණ තවත් කැතයි ඔහොම එල්ලන් ඉද්දි”‍ පිටට පෙනෙන්නට ඔරවගෙන හිටියත් ඇය ඇතුළතින් සතුටුවුණු තරමක්.

 

 

SKU: 9786245584031
Category:
Book Author

ISBN-13

9786245584031