Availability: Out of Stock

රූ චායා

SKU: IN-LITBOOK-01623

LKR  990.00

Out of stock

Email when stock available

Compare
Category:

Description

“අනේ මහත්තයා, ඔයා පරිස්සමින් ඉන්න..අපි කෝකටත් අභීත අයියට කියමුද?” චාන්යා බයෙන් කතාකළා.
“අයියෝ මගේ බයගුල්ලි, ඔහොම බය උනොත් හොඳට හිටියි. කොහෙද නැති තැන නාගචම්පාට දෙන්න කතාව” දිල්රූ හිනාවෙනවා.
“අනේ ඇත්තමයි මෙච්චර දෙයක් වෙලත් ඔයා කොහොමද රූ හිනාවෙන්නේ? දෙවියනේ අර තාත්තා කතා කරපු විදියට බය හිතෙන්නේ නැද්ද?”

“චායා..අපේ තාත්තා ඔහොම ආව මේ පළවෙනි පාරත් නෙමෙයි. අන්තිම පාරත් නෙමෙයි. ඔයා ඔහොම බය උනොත් මාව බැඳලා අවුරුදු දෙකක් විතර යද්දී බයවෙලාම හාර්ට් එකේ වෑල් එකක් ගහලා යනවා” දිල්රූ තවමත් වෙනසක් නැතිව හිනාවෙනවා.
“අනේ වස්තු ඔයා නම් අනේ ඇත්තමයි. ලෝකේ පෙරළුනත් මේ පිස්සු ෆ්ලෑෂ් නම් හිනාවෙයි”
“හිනාවෙන්න බැරියැයි බන් පස්සේ. කෝ මෙහෙ එන්න උඩට යන්න ඔයාට බඩුවක් පෙන්නන්න තියෙනවා” එහෙම කියපු දිල්රූ එයාගේ කාර්යාල කාමරයට චාන්යා එක්ක ආවා. කාමරයට ආව දිල්රූ චාන්යාව තුරුලුකරගෙන මොහොතක්ම කල්ගතකළා. “මේ මොකද ළමයෝ?” තවමත් කල්පනාවෙන් බිම බලාගෙන ඉන්න චාන්යා දැකලා දිල්රූ කතාකළා.

Additional information

Book Author

ISBN-13

9786245584024