මගේ ‌ප්‍රේමය ඉසියුම්

Rs. 550.00

Payment Info

We're Brewing Something Amazing! 💡

Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.

මගේ ප්‍රේමය ඉසියුම්
“අසේල රට ගිහින්” අනුත්තරා පරාක්‍රමගේ ඇමතුම ලද විගස කීවාය. පරාක්‍රමට මහ හඬින් සිනහාගියේය.
“ගෑනියෙ, ඉස්සෙල්ල අඩුගානේ මට ආදරෙයිවත් කියල හිටපන්කො. හෝස් ගාල පැනපු ගමන් අසේලයෙක් ගැන කියවන්නෙ” පරාක්‍රමගේ ස්වරයේ වූයේද සතුටක්ම බව අනුත්තරාට රහසක් වූයේ නැත.

“ආදරෙයි..! ආදරෙයි..! ඕක දවසකට කීපාරක් ඉතින් කියනවද? කොච්චර කීවත් ඇතිවෙන්නෙ නෑනෙ” අනුත්තරා සිනහසුණාය.
“ඔය ආදරේ මට මැරෙනකල්ම ඕනෙ තාරා. හැමදාම ඔයාගෙන් ඒ වචනෙ අහන්නත් ඕනෙ මට. ඒකට ඇතිවීමක් නෑ” පරාක්‍රම පැවසීය.
“මං ආදරෙයි” අනුත්තරා ඉමහත් සෙනෙහසින් යළිත් පැවසුවාය.
ඉදින් ජීවිතය ගලාගියේ සොඳුරුවමය. මෙතුවක් කල් හැලහැප්පීම් වලින් බහුල වූ අසුන්දර අත්දැකීම් ගහන වූ ජීවිතය අතිශයින්ම සුන්දර වූ එකක් වන්නට පටන්ගෙන තිබේ.
“හවස මාත් එක්ක ගමනක් යන්න තියෙනවා. එනවද?” පරාක්‍රම අනුත්තරාගෙන් විමසුවේ පාසල ඇරී නිවසට යන අතරතුරදීය. අනුත්තරා විමසුම් ඇසින් ඔහු දෙස බැලුවාය.
“ඇයි මොකෝ මාත් එක්ක යන්න බයද?”

SKU: 9786245584055
Category: