ස්වර්ණ සකි

Rs. 900.00

Payment Info

📦 Stock Count in Progress

We'll be back on April 1, 2026
--Days
--Hours
--Minutes
--Seconds

The stock count will take place from March 24 – 31, 2026.
During this period, the website will remain temporarily unavailable for sales.
Thank you for your understanding.

ස්වර්ණ සකි
මොනවද අප්පේ මේ මහත්තයා පෙරළ පෙරළ හොයන්නේ??” මෙවින්දිගේ හඬින් නිසංක හිනාවෙලා බැලුවා.
“මම මේ බැලුවේ ෂර්ලොක් හෝම්ස් ගෙන්නනවද නැත්නම් පොලිස් බල්ලෙක් ගෙන්නනවද කියල මේ බඩු හොයන්න”

“බඩු?? මොන බඩුද??” මෙවින්දි ඇසුවේ පුදුමයෙන්.
“තේකක් හදාගන්න බන්..බඩගිනියි..ඇත්තම කිව්වොත් බඩ දනවා”
“ආ..ඇත්තද?? ඊයේ බෝතල් කාලක් විතර බොද්දි නම් ඔව්වා මතක් වෙන්න නැතිව ඇතිනේ??”
“මොකද්ද බන් ඊයේ ඉඳල බණිනවා බණිනවා..ඇතිවිල්ලක් නැද්ද??”
“නැහැ මතක් වෙද්දී අල්ලගෙන දෙකක් දෙන්න හිතෙන්නේ රත්වෙන්න” මෙවින්දිට කියවුණා.
“ඈ…අන්න ඒක නියමයි..! ඇයි නෝනා එකක් දෙකක්? දෙන්නකෝ විස්සක්වත්” නිසංක මෙවින්දි තදින් තුරුලුකරගත්තා.

“අනේ ඉන්න දෙන්නකෝ”
“ඉන්න දෙන්න තිබ්බා මාව මෙහෙ නවත්තගත්තේ නැත්නම්” නිසංක මෙවින්දිව සිපගනිමින් සිනාසුණා.
“අනේ මම නම් ඇත්තමයි ඉල්ලගෙනමයි කන්නේ”
“ඒක නම් කියලා වැඩක් නැහැ මිස්” නිසංක මෙවින්දිට අතීතය සිහිකරමින් සිනාසුණා.
“කපටියා..! බොරුකාරයා..!”
“දැන් කවුද කපටියා? බොරුකාරයා??”
“මේ ඉන්නේ මෙතන මාව මිරිකගෙන”
“අනේ ඇත්තට? මැඩම්ට බොරු කිව්ව මනුස්සයටනේ නේද මේ මිරිකන්න දීලා තියෙන්නේ?? බය නැද්ද??”
“නෑ අනේ” මෙවින්දි නිසංකට තුරුලුවෙලා සිනාසුණා.

 

SKU: 9786245329076
Category:
Book Author

ISBN-13

9786245329076