Baddegama – බැද්දේගම

Rs. 525.00

  • ISBN-13: 9789552100338
Payment Info

Email when stock available

We're Brewing Something Amazing! 💡

Our team is currently updating this collection. In the meantime, you can shop our available School Book Lists and Stationery items.

Baddegama – බැද්දේගම

අප රට සිටි ඉංග්රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ. පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්රේෂ්ඨතම ඉංග්රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්රමාණය වෙනස් කොට තිබේ.

“පහුව දා හින්නිහාමි පරණ හේනක දර අවුළමින් සිටිනු පෙනිණ. මුවා ද ඈට ටිකක් දුරින් දළු කමින් සිටියේය. හදිසි ශබ්දයකින් හින්නිහාමි කලබල වූවා ය. ගමෙන් පැමිණි කුඩා මිනිස් පිරිසක් කැලයෙන් මෑත්වී ඈට ත් මුවාට ත් අතර සිට ගත්තා ය. ඈ එදෙස බලන විට ම පළමු වෙනි ගල මුවා දෙසට විසිවනු පෙනිණ. එය එල්ලේ වැරදී ගිය කෙණෙහි දෙවනු ව ගලක් මුවාගේ බඳ හරහා වැදිණ. ඉන් මුවා ඉදිරියට පැන්නේ ය. හින්නිහාමි ත් කෑ ගසා ගෙන ඌ වෙතට දිව්වා ය. මුවා නතර වී ඇගේ කටහඬට කන් දුන්නා ය. එවිටම ගල් වරුසාවක් ඌ පිට කඩා හැලෙන්නට වන. තොරක් නැති ගල් පහරවල් අතර මොහොතකින් මුවා හිස යට කරගෙන වැටුණේ ය. උගේ ගාත් දෙක දෙ දන ලඟින් කැඩී තුබුණේ ය. මිනිස් පිරිස් අතරෙන් ප්‍රීති නාද නිකුත් විය. ඉදිරියට දිව ආ හින්නිහාමි මිනිසුන් දෙදෙනකු විසින් අල්ලා උඩබැල්ලෙන් බිම හෙලන ලදී. මොහොතක් ඈ මුර්ච්ඡාවෙන් සිටියා ය. මුවා වේදනාවෙන් හඬන හඬ ඈට ඇසිණ. ඌ නැගිටින්ට කරන නිෂ්ඵල ප්‍රයත්නයද ඈට පෙනේ. කැඩුණු කකුල් ඔසවා ගත නො හැකිව දඟලන විට මිනිසුන් නගන ප්‍රීති නාදය ඈට ඇසේ. කෝප වේගයෙන් තමාගේ නළලටත් දෙකොපුලටත් ලේ එකතු වී ගිය බව ද ඈට දැනිණ. ඇසිල්ලකින් ඈ මග අවුරා ගෙන සිටි මිනිසුන් දෙදෙනා පිටට කඩා පැන ඔවුන් සමග එඩිතර ව පොර බැදුවා ය. මිනිස්සු ඇය වට කර ගෙන ඇගේ හිසටත් පපුවටත් පහර පිට පහර දුන්හ. ඇගේ හැට්ටය කැබලි වලට ඉරා දැමූහ. අන්තිමේ දී ඈ සිහි නැතිව බිම වැටුණා ය. ලේ ගලන මුවාත්‍ ඉඟ දක්වා නිරුවතින් බිම වැතිර සිටි ස්ත්‍රියත් දැකීමෙන් මිනිසුන් කෙරෙහි කාමුක වූ කුරිරු හැඟීමක් ඇතිවූ සැටියක් පෙනිණ. ඔවුහු ඇගේ වස්ත්‍රය ඉවත් කොට ඈ දෑතින් අල්ලා ඇද මුවා ළඟට කිට්ටු කළහ. “ගෙනෙව් ඔය පරට්ටිව ඇගේ පුතා ළඟට. ඉතින් යක්සයාට සාත්තු කරපිය යක්සණී. ඌට පොවන්ට තිගෙ තනේ නැද්ද තවත් කිරි?“ කියමින් මිනිස්සු සැහැසිකම් දෙඩූහ. මිනිස්සු ඈ එතනට ඇදගෙන ගොස් සතාට කර තිබෙන දේ බලා ගන්නා තුරු ඈ අල්ලාගෙන සිටියහ. මුවා වේදනාවෙන් මොර දෙන්ට විය. පිරිස අතරෙන් එකෙක් ලොකු පොල්ලක් කපා ගෙන මුවා ගේ පස්සා ගාත් දෙක කැඩෙන තුරු තඩි බෑවේ ය. හින්නිහාමි මිනිසුන් අතර දැඟලුවා ය. පොර බැදුවා ය. එහෙත් කිසිවක් කර ගැනීමට ඈ පොහොසත් වූයේ නැත. අනිතිමේදී වද දීමෙන් වෙහෙසට පත් ගම්මු හින්නිහාමි මුවා ගේ ළඟට විසි කොට යන්ට ගියහ.“ Leonard Woolf විසින් රචිත The Village in the Jungle කෘතියේ සිංහල පරිවර්තනය.

SKU: 9789552100338
Category:
ISBN-13

9789552100338

Publisher

ISBN-10

955210033X

Language

English

Translator