Description
පරසතුරු පහරදීමක් නිසා සිය ගම් පළාත අතහැර අලුත් දිවියකට හුරු වන සොහොයුරන් දෙදෙනෙකුගේ ජීවිත කතාව මෙයින් නිරූපණය කෙරේ. අනාගත ලෝකයට පිය මනින දරු දැරියන්ගේ උසස් ආකල්ප, ජාතිමාමක හැඟීම් හා පෞරුෂය වර්ධනය වන ආකාරයෙන් සමස්ත කතාවම ගොඩ නගා තිබේ. දරුවන්ට උපතින් හිමි වන වීර වික්‍රමාන්විත අදහස් තව දුරටත් වර්ධනය කරවීම ද මෙම යොවුන් නවකතාවේ තවත් එක් අරමුණකි.
