Availability: Out of Stock

ඔබයි මගේ රිදී හිරු – Obai Mage Ridee Hiru

SKU: IN-LITBOOK-01471

LKR  580.00

Out of stock

Email when stock available

Compare
Category:

Description

About ඔබයි මගේ රිදී හිරු – Obai Mage Ridee Hiru

අනේ රුකී දෙවියනේ මේ කවුද ඉන්නේ? අනේ රුකී අපි බැහැලා යමු..! මට ගෙදර යන්න ඕනේ” ආරන්යාගේ දෙනෙත්වලින් කඳුළු වැල් දෙකක් ගලාගෙන යද්දීම ඇසුණ හඬත් එක්ක ආරන්යා තිගැස්සුණා. ආයෙමත් කඳ කෙලින් කරගෙන හඬ නැගුණු පැත්තට හිස හැරෙව්වා.

“දේවි”
මෙහෙම ඇසෙද්දී නම් ආරන්යා කඳුළු මැදින් හිනාවුණෙත් රුක්ශානාගේ වගේම කාගේදෝ හිනා හඬකුත් ඇසුණා.
“අනේ යකෝ ඔය අහිංසක ළමයව බය නොකර හිටපන්..! උඹත් ඉතින් කළොත් කරන්නේ ඔහොම වැඩක් තමයි” කාගේදෝ කටහඬක් එහෙම ඇසෙද්දී ආරන්යා තවමත් හිනාවෙනවා.
“නේමි”

“හ්ම්ම්ම්” සවනටම සුසුමකින් පිළිතුරු දුන්නු ඒ උණුසුමට ආරන්යා ඇකිලිලා වගේ ලැජ්ජාවෙන් හිනාවුණා.
“මගේ කෙල්ල බය උනාද?” නේමිතගේ හඬ දයාබරත්වයෙන් පිරිලා ඉතිරිලා ඇසෙද්දී ආරන්යා හිස පහතට හරවගත්තා. අනාරාධනයෙන්ම ආරන්යාගේ උරහිස වටා අතක් යවලා උරහිසට වාරුකරගත්තු නේමිත හිනාවුණා.
“මෙයා බය නැහැ බන්..චුට්ටක් ඇටෑක් කළත් එක්ක” නේමිත මෙහෙම හිනාවෙද්දි වගීෂ නම් මහා හඬින් හිනාවුණා.

 

 

 

Additional information

Book Author

ISBN-13

9786245329106

Language

Sinhala