Description
මා කථා කිරීම පුරුදු කළ එකකු බව හඟවන ලකුණු මේ පොත විචාරණය කරන්නකු විසින් දැකිය හැකැයි සිතමි. මා සාහිත්‍ය විචාරකයන්ගේ පොත පතින් රීති ඉගෙනීමට වෙහෙස වුව ද මේ කථා ගෙතීමේ දී මා අනුගමනය කළේ පොත පතින් උගත් රීතිවලට වඩා කථා ගෙතීමෙන්ද කීමෙන් ද උගත් රීතිය. සාහිත්‍ය විචාරණය උගත යුතු යැයි මා සිතුවේ කථා කීම බොහෝ කලක් පුරුදු කළ පසුය. මා අභ්‍යාසයෙන් උගත් බොහෝ රීති පසුව මට පෙත පතෙහි හමුවිය. නව කථා කීයවීමෙන් ඇතැම් රීති මට නිරුත්සාහයෙන් පුරුදු වන්ට ඇතැයි සිතමි. මා ජීවිතයේ ලැබු අත්දැකීම් මේ පොත ලීවීමට මා වෙහෙසු නමුත් මා පිළිබඳ තොරතුරු මේ කථාවල සෙවීමට තරම් කිසිවකු සාහසික නොවිය යුතුය.




