Availability: In Stock

හත්දින්නත් තාරුකා

SKU: IN-LITBOOK-01124

LKR  790.00

In stock

Compare
Category:

Description

”‍ඔව් යකෝ ඔව්..! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප්‍රිය ගොන් කණුවක් යකෝ..!”
“උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා. උඹ රාජුවව ප්‍රසිද්ධියේම මග ඇරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියෙම විදෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දී උඹ ඔය දුක් සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බිව්වේ..!”

“තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප්‍රේම පුරාණය සමකෝණී ත්‍රිකෝණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ්‍ර ප්‍රේම කතාවක් වෙයි කියලා..!”‍ ඩෑන් එක්ක විකී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දී ශම්මික අසරණ මුහුණින් බලාගෙන ඉන්නවා විතරමයි.
”‍ඉඳකින්..! ඇයි බන් මම මෙහෙම උනේ??”‍

”‍අපෙන් අහන්නේ?? අහපන් තොගේ ඔය නල්ලමලේ හිතෙන්..!”‍ විකි ශම්මිකගේ පපුවට ඇඟිල්ලෙන් ඇනලා හිනාවුණා.

Additional information

Book Author

ISBN-13

9786245329069